May 17, 2024

පුද්ගලික බස් රථ මැරයින් ලංගම බස් රථයකට පහර දෙයි (PHOTOS)

කිලිනොච්චිය කරඩිබෝක්කු මංසන්ධියේදී පෞද්ගලික බස් රථයක රියදුරු හා කොන්දොස්තරවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු ඊයේ (09) සවස කිලිනොච්චිය රෝහලට ඇතුලත්ව තිබෙනවා.

කිලිනොච්චියේ සිට යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් සහ වව්නියාවේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අතරමගදී මගින් පටවා ගැනීමේදී ඇති වූ බහින්බස්වීමක් මෙලෙස පහරදීමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

එහිදී පෞද්ගලික බස්රථයේ කොන්දොස්තරවරයා බවට සැකකෙරෙන පුද්ගලයා තියුණු ආයුධයකින් ලංගම බස් රථයේ රියදුරුට පහරදෙන අයුරු බස් අසල්වැසියෙකු විසින් ජංගම දුරකතනයකින් වීඩියෝ කර තිබෙනවා.

කෙසේ වෙතත් පොෟද්ගලික බසරථයේ රියදුරු හා කොන්දොස්තරවරයාගේ පහරදීම හේතුවෙන් ලංගම බස් රථයේ රියදුරු හා කොන්දොස්රතවරයා ඊයේ (09) සවසම අසාද්‍ය යැයි පවසා කිලිනොච්චිය රෝහලට ඇතුලත්වී තිබෙනවා.

අදාල පහරදීම සම්බන්ධයෙන් පහරකෑමට ලක් වූ ලංගම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා විසින් පොලීසියට පැමිණිල්ලක්ද ඉදරිපත් කොට ඇති අතර කිලිනොච්චිය පොලීසිය පහරදීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 August 2021 12:15