May 19, 2024

"දෙපාරක් හිතන්න" - කෙහෙළිය ගුරුවරුන්ට කියයි

ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට එළඹෙන අයවැය තෙක් විසඳුම් ලබාදීමට නොහැකි බව ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී තීරණය කිරීම හේතුවෙන් තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසූයේ සේවයට වාර්තා නොකරන ගුරු විදුහල්පතිවරු සේවය හැර ගියා සේ නොසලකන බවයි.

කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වුණා.

එහිදී ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට අදාළ යෝජනාව සම්බන්ධයෙන් එළඹි තීරණ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් පළ වුණා.

කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

"ලෝකයේ හුඟක් රටවල් මේ වෙනකොට වැටුප 50%ක් අඩු කරලා තියෙනවා. ඉතාමත් අසීරු තත්වයන්ට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ මේ ආකාරයෙන් මේ රටේ උගත්, බුද්ධිමත් කණ්ඩායමක් හැටියට අපි සලකන ගුරුවරුන් මේ ගෙනියන වැඩපිළිවෙල සම්බන්ධව මම හිතනවා දෙපාරක් හිතිය යුතුයි කියලා. ඒ වගේම පහුගිය අවුරුදු එක හමාර තුල අපි කිසිම වේතනයක් අඩු නොකර රාජ්‍ය සේවකයන්ට වේතනයන් ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් ඉතාමත් සුක්ෂම වශයෙන් දේශපාලන වශයෙන් කඩා වැටි සිටින කණ්ඩායම් මේකෙන් පාලමක් හදලා මේකෙන් ගොඩ වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා වර්තමානයේ බොහොම පැහැදිලිව ප්‍රතිපත්තිමය වශයෙන් පිලිගන්නවා. ඒ වැඩපිළිවෙල අයවැයත් සමඟ රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධව සහ ජිවන වියදම් සම්බන්ධව ගන්නා වූ තීන්දු වලට සමාන්තරව කිරීමට අවසාන වශයෙන් තීන්දු ගන්නවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 August 2021 07:47