May 18, 2024

ජනපති මහ රෑ එන්නත් දෙන හැටි බලන්න යයි (VIDEO)

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැය 24 පුරා ක්‍රියාත්මක කොරෝනා එන්නත්කරණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ ජනාධිපතිවරයා එහි සංචාරයක නිරත වූ අතර එහිදී එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

පළමු කොවිඩ් මර්දන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් බස්නාහිර පළාතේ පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම මධ්‍යස්ථාන 20කදී පමණ සිදු කෙරෙනවා.

මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස එන්නත් මාත්‍රා 174,985 ඊයේ (02) දිනයේ ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඉන් එන්නත් මාත්‍රා 22,981ක් කෑගල්ල දිස්ත්‍රික්කයට පළමු මාත්‍රාව වශයෙන් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව පසුගිය දින 2 තුළ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය 244,251ක්.

මේ සඳහා අවශ්‍ය එන්නත් ජපානයෙන් පරිත්‍යාගයක් වශයෙන් මෙරටට ලැබුණා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඊයේ දිනය තුළදී ලබා දුන් සමස්ත එන්නත් මාත්‍රා 422,472ක් ජනතාවට ලබා දුන් බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 August 2021 13:09