May 17, 2024

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ අත්අඩංගුවට

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අනතුරකට අදාළවයි.

අද පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

වැලිකඩ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.

ඇයව හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 31 July 2021 22:25