April 26, 2024

KDU රෝහලේ ICU ඇදන් තිබියදී කොළඹ රෝගීන්ව පොළොන්නරු යවලා

KDU රෝහලේ ICU ඇදන් තිබියදී කොළඹ රෝගීන් පොළොන්නරු යවා ඇති බවට එල්ල වන චෝදනා වලට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා පිළිතුරු ලබා දී තිබෙනවා.

ඒ දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

කොතලාවල රෝහලේ ICU ඇඳන් තියාගෙන ඇයි රෝගීන්ව අනුරාධපුර, පොළොන්නරු යවන්නේ? යන පැනයට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා.

"ඇත්තටම ඒ පිළිබඳව මමත් සෞඛ්‍ය සේවකයෙක් විදියට මටත් චුට්ටක් කණගාටුයි. ඒක සම්බන්ධීකරණය මමත් කරන වෛද්‍ය නිලධාරියෙක්. ස්වේච්ජාවෙන් මම කරන්නේ. රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මම සම්බන්ධීකරණය කරනවා. ඒ ස්ථානය අපි තෝරා ගත්තේ KDU කියලා කියන්නේ වෙනම ආරක්ෂක අංශය හා සම්බන්ධව තියෙන ස්ථානයක්. එතකොට දැඩි සත්කාර ඒකක වලට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය කොළඹට ගොඩක් වැඩියෙන් තිබුණා. අපි දැක්කා බස්නාහිර පළාතේ ඉන්න රෝගීන් අනුරාධපුර, පොලොන්නරුව වෙන තැන් වලට අරගෙන යනවා දැඩිසත්කාර පහසුකම් ලබා දෙන්න. ඉතින් ඒ අවස්ථාවේදී තමයි අපේ බලධාරීන් සමඟ අපි එකතු වෙලා සාකච්ජා කරලා KDU එකේ මේ ඇඳන් 38කින් යුත් එක රජයට ගත්තේ. ඒ ගොල්ලන්ගේ මැෂින් යන්ත්‍ර සුත්‍ර සහ විශේෂඥ වෛද්‍යවරුන් දෙනවා. අපෙන් හෙද නිලධාරීන් හා වෛද්‍ය නිලධාරීන් දෙන්න ඕනේ. නමුත් ඊයේ වන විට ඇඳන් 15ක් තමයි ක්‍රියාකාරිත්වය විදියට අපිට තියා ගන්න හැකියාවක් ලැබුණේ. ඒකට ප්‍රධානම හේතුව වුණේ වෛද්‍ය නිලධාරීන්ගේ හා හෙද නිලධාරීන්ගේ යම්කිසි අවමයක් පැවතීම."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 16:36