April 26, 2024

මෙරටට අන්තර්ජාතික කාර්ය සාධන බලකායක් 

ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට නියමිත 2014 ලෝක තරුණ සමුළුව ”පිළිබඳ දැනුවත් කිරීම් සහ සංවිධාන කටයුතු සඳහා අන්තර්ජාතික කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනී.

ඒ සඳහා විදෙස් රටවල තරුණ කටයුතු ඇමතිවරුන් සහ තරුණයින් 1500 ක් පමණ සහභාගී වන අතර ශී‍්‍ර ලංකාවේ තරුණ තරුණයින්ට සහභාගීවීමට අවස්ථාව ලබාදීමට ද යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 

එම සමුළුව නැරඹිම සඳහා ද 1500 ක ආසන්න තරුණ පිරිසකට අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇත.

ලෝක තරුණ සමුළුව වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් පමණ වැය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා 2013 අයවැයෙන් හා 2014 අයවැයෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කර තිබේ.

මුල්‍ය ප‍්‍රතිපාදන පෞද්ගලික අංශයෙන් හා ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් ලබා ගැනීමට ද යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රටවල් සියයකට පමණ මේ වනවිට ලෝක තරුණ සමුළුව සඳහා ආරාධනා කර ඇති අතර, තරුණ තරුණියන් 3000 ක් පමණ මෙයට සහභාගී වේ යැයි අපේක්ෂා කෙරේ.

මෙම සමුළුවෙන් පසු කොළඹ ප‍්‍රකාශනය නමින් තරුණ සමුළුවේ යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට ද මෙම සමුළුවෙන් පසු තරුණයා වෙනුවෙන් ඉදිරිපත් කරන හොඳම ලියවිල්ල වනු ඇතැයි ද යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරරුම මහතා පැවසී ය.

Rate this item
(1 Vote)