May 20, 2024

රියදුරු බලපත්‍රය පැමිණීම ප්‍රමාදයිද? හේතුව මෙන්න Featured

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් තැපැල් මගින් යොමුකර ඇති රියැදුරු බලපත්‍ර හත්තෑදහසක් (70,000ක්) පමණ තවමත් හිමිකරුවන් වෙත නොලැබී ඇති බවට වාර්තා වෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසා සිටින්නේ එම රියදුරු බලපත්‍රය මධ්‍යම තැපැල් හුවමාරුවේ සිරවී ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ 01 වැනිදා සිට මොටර් රථ දෙපාර්තුමේන්තුවේ වේරහැර කාර්යාලය විසින් රියදුරු බලපත්‍රයන් 122,429ක් මුද්‍රණය කර තිබුණු අතර ඒවා බොරලැස්ගමුව තැපැල් කාර්යාලය හරහා ලියාපදිංචි තැපෑල මඟින් හිමිකරුවන් වෙත තැපැල් කර තිබෙනවා.

මෙරට බලපා ඇති වසංගත තත්ත්වය හමුවේ මාසයකට අධික කාලයක් තැපැල් සේවා නැවතී යාම නිසා මෙම අර්බුදය ඇතිව තිබෙන බවයි සඳහන් වන්නේ.

සිය රියදුරු බලපත්‍රය ප්‍රමාද වීමට හේතුව කුමක්දැයි විමසා දිනකට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ද වේරහැර මෝටර් රථ දෙපාර්තුමේන්තු කාර්යාලය වෙත ලැබෙන බවට වාර්තා වන අතර රියැදුරු බලපත්‍ර හිමිකරුවන් වෙත කුරියර් සේවා මගින් යැවීමේ ක්‍රමවේදයක් සැකසීම ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ෙමෙම මධ්‍යම තැපැල් හුවමාරුවේ සිරවී ඇතැයි යන ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා තිබුණේ එවන් සිරවීමක් නොමැති බවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ කිසිදු පාර්ශ්වයකින් මේ පිළිබඳව පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවත් ප්‍රකාශ කර සිටියා.

Rate this item
(0 votes)