April 28, 2024

පළාත් අතර පොදු ප්‍රවාහන සේවයේ වෙනසක් Featured

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මෙරට පනවා ඇති සංචරණ සීමාවන් හේතුවෙන් අන්තර් පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන්නේ නැහැ.

නමුත් මෙම පොදු ප්‍රවාහන සේවා සඳහා යම් සහනයක් ලබාදීමට සුදානම් වන බව සඳහන් වෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේ එළැඹෙන අගෝස්තු මස 01 වැනිදා සිට අන්තර් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

සංචරණ සීමා පැවැතුණත්, ඉවත් කළ පළාත් අතර සීමා සහිත බස් රථ සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා මෙරට කොවිඩ් වසංගත පාලන කමිටුවෙන් අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Rate this item
(0 votes)