May 21, 2024

මොඩර්නා ගැන බොරු ප්‍රචාර කළ අයව සොයා මෙහෙයුම්

ලෝකය තුළ කොරෝනා වසංගත පාලනය සඳහා යොදාගන්න එන්නත් අතරින් සාර්ථකම එන්නතක් ලෙස මොඩර්නා එන්නත හඳුන්වා දිය හැකියි. 

එහි වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති කිරීමේ කාර්යක්ෂමතාවය 90%ක් ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.ො

මේ වන විටත් මොඩර්නා එන්නත මෙරටට ගෙන්වා ඇති අතර මෙරට ජනතාවට එය එන්නත් කිරීමද ආරම්භ කර තිබෙනවා.ෙ

මෙම එන්නත මෙරට ජනතාවට ලබාදෙන අවස්ථාවේ සමාජ මාධ්‍ය තුළ එන්නත පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සිදුකරමින් සිටින බවට වෛද්‍යවරුන් චෝදනා කර සිටිනවා‍ෙ

මෙලෙස මොඩර්නා එන්නත ලබා නොගන්නා ලෙස පවසමින් ප්‍රචාරය වන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇති බවත්, එවැනි දේවල් නිසා මෙරට එන්නත්කරණ සඳහා ඉදිරිපත් වීමට ජනතාව මැළි වන බවට මහනුවර මහ රෝහලේ වෛද්‍ය පාලිත සුබසිංහ මහතා විසින් මහනුවර පොලීසිය වෙත පැමිණිල්ලක් යොමු කර තිබෙනවා

එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ මොඩර්නා එන්නත තුළ නැනෝ චිප් එකක් හෝ වෙන රටකින් පාලනය කළ හැකි දෙයක් නොවන බව පවසා සිටියා. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙය එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කිරීමට කළ දෙයක් බවයි. 

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සත්‍ය පදනමක් නොමැතිව ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් ඔස්සේ මෙවැනි ප්‍රචාරයන් ගෙන යෑම මෙරට අපරාධ නීතියේ 120 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. 

Rate this item
(0 votes)