April 26, 2024

රාජ්‍ය ඇමැතිවරයෙකුට ඉන්දියාවෙන් පොරොන්දුවක්! සාකච්ඡාව නියෝජ්‍ය මහ කොමසාරිස් නිල නිවසේ

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ යට්තල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා තමා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු රජයේ ආධාර ලබාදීමට පොරොන්දු වූ බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නැගෙනහිර පලාතේ ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය මෙන්ම යට්තල පහසුකම් ව්‍යාපෘතියන් ආරම්භ කරන බවද ඒ සදහා ශ්‍රී ලංකා රජයේ සහය උපරිමයෙන් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 

මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වන ව්නෝද් කේ. ජාකෝබ් මහතාගේ ( Vinod K. Jacob) නිල නිවසේදී මෙම හමුව අද (21) දින පැවැති බව වාර්තා වනවා.

එම ව්‍යාපෘති තුලින් මඩකලපුව දිස්ත්‍රික්කයේ දුප්පත් ජනතාවට විශාල පිටුවහලක් වන බවත් ජනතාව ඉන් මහත් අත්වැසිල්ලක් ලැබෙන බවත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Rate this item
(0 votes)