May 11, 2024

"අපි අන්තිම වෙනකන් සටන් කරනවා" - මියගිය දැරියගේ සහෝදරයා රිෂාඩ්ගේ නිවස වටලයි

තම සහෝදරියගේ මරණය 100% ක් සැක සහිත බව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී ගිනිගෙන මියගිය දැරියගේ සහෝදරයා ඊයේ (20) පැවති විරෝධතාවයක් අතරතුරදී සඳහන් කර සිටියා.

තමන් කුමක් කලත් නංගි ආයේ එන්නේ නැති බව දන්නා නමුත් තම සහෝදරියට සිදුවූවේ කුමක්ද යන්න දැනගන්න ඕනි බව සඳහන් කර සිටි ඔහු නංගිව පිච්චුවාද පිච්චුනාද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසුවා.

එහිදී ඔහු මෙසේ පැවසුවා.

"මැරිලා ඉන්නේ මගේ නංගී. අපි අන්තිම වෙනකන් මෙතන ඉන්නවා. මගේ නංගීට හරියට සාධාරණයක් හම්බ වෙනකන් ඉන්නවා. එච්චර ලොකු මන්ත්‍රීතුමාලගේ ගෙදරට භූමිතෙල් බෝතලයක් එන්න ඕනේ නැහැනේ. ඇහුවොත් කියනවා මියන්ට දාන්න භූමිතෙල් ගත්තා කියලා. අපිට මේ නංගිගේ මරණය 100%ක්ම සැකයක් තියෙනවා. මම නීතියට විරුද්ධව කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. නීත්‍යනුකූලව මට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. අපි කොච්චර කෑ ගැහුවත් මොන දේ කලත් අපේ නංගී ආපහු එන්නේ නැහැ. මට දැන ගන්න ඕනේ මගේ නංගිව පිච්චුවද? පුච්චගත්තද? මගේ නංගීට සාධාරණයක් හම්බ වෙනකන් අපි මෙතන ඉන්නවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 July 2021 14:15