May 15, 2024

වැඩි මිලට හාල් වික්කොත් කඩේ සුන් - නව දඩය ඉලක්කම් හයයි

හාල් පාලන මිලට වඩා වැඩියෙන් විකිනීමේ දඩය රු.2500 සිට රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන බව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා හෙළිදරව් කළා.

වෙළඳුන් හාල් වැඩි මිලට විකිණීමට හේතුව දඩය රු. 2500 වැනි සුළු මුදලක තිබීම බවයි අමාත්‍යවරයාගේ අදහස් වන්නේ.

ළඟදීම එන ගිවිසුම

අමාත්‍යවරයා ඒ බව හෙළිදරව් කළේ ඒ සඳහා වූ වැඩ පිළිවෙළ මෙන්ම පදනමද සඳහන් කරමින්.

තව සති දෙකකින් වී මෝල් හිමියන් සමග කෘෂිකර්ම හා වෙළෙද අමාත්‍යාංශය ඒකාබද්ධව අත්සන් කිරීමට යෝජිත ගිවිසුමට අනුව වී මිලට ගත හැකි උපරිම සහතික මිලක් නියම කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

උපරිම මිලදී ගැනීමේ මිල

එම ගිවිසුමට අනුව වී මිලට ගත හැකි උපරිම මිල ලෙස රුපියල් 50 - 52 අතර මිලක් නියම කිරීමට නියමිත බවත් ඒ අනුව පුද්ගලික අංශය පවා වී මිලට ගත යුත්තේ එම මිලට බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව වී මිලට ගැනීම සහ හාල් මිල නියම කිරීමේ සම්පූර්ණ බලය ආණ්ඩුව සතු කර ගන්නා බව පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ගිවිසුමට අනුව හාල් මෝල් හිමියන්ටද සහතික මිලට වඩා වැඩි මිලට හාල් වෙළෙඳුන් වෙත නිකුත් කිරීමට නොහැකි වන බවයි සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 11:23