May 16, 2024

ස්ටාලින් ඇතුළු 16 දෙනා මුදා හරියි! වහාම කොළඹ ගෙන එයි

මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කර තිබෙනවා.

ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අද රාත්‍රීයේම යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ඉකුත් 08වැනි දා උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්වුණා.

අධිකරණයෙන් ඇපමත මුදාහැරීම පසුව පොලිසිය ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානට යොමු කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 16 July 2021 23:50