May 14, 2024

දැරිය අනාවරණයක! පොලීසියත් එක්ක අපයෝජනයට ලක්වූ ස්ථානයට යයි (PHOTOS)

නාවලපිටිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පාසල් දැරිය අපයෝජනය කල තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්ෂිණි නිමන්ති පෙරේරා මහත්මිය පවසනවා.

පාසල් දැරිය අපයෝජනය කලේ යැයි කියන පියා, පෙම්වතා ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනෙක් නාවලපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන 13 හැවිරිදි දැරිය සමග නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් සහ ගම්පොල පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂණ නිලධාරින් සැකකරුවන් 10 දෙනා දැරිය අපයොජනය කලේ යැයි කියන නාවලපිටිය හරංගල ඉලුක් තැන්න ප්‍රදේශයේ ස්ථාන පරික්ෂාවක්ද සිදු කරනු ලැබුවා.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන 13 හැවිරිදි දැරිය හරංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ එම දැරිය විසින් පෙන්වු ස්ථාන තම නිවසට යාබදව පිහිටි ස්ථාන කිහිපයක් බවයි නාවලපිටිය පොලිසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය කියා සිටියේ.

අත්අඩංගුවට ගැනිමට නියමිත අනෙකුත් සැකකරුවන් සිව්දෙනා නාවලපිටිය හරංගල ප්‍රදේශයේම පදිංචිකරුවන් ලෙස පැවසෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 16 July 2021 18:39