May 14, 2024

දැරියගේ ලැයිස්තු කතාවට උලපනේ හිමිට ඉරාජ්ගෙන් අභියෝගයක්! (VIDEO)

අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කළ 15 වියැති දැරියට මිලට ගත් පිරිස යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නම් ලැයිස්තුව පිළිබඳව අද (15) දිනයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගොස් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් යොමු කරනු ලැබුවා.

පැමිණිල්ල කිරීමෙන් පසුව පූජ්‍ය සුමංගල හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කාන්තාවකද, නොවන පිරිමියෙකු ද නොවන ගායකයෙකු විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය පුවතක් බවයි.

මෙම සිදුවීම සම්බන්ධ සංගීත නිර්මාණ ශිල්පියෙකු සහ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න විසින් සිය අදහස් පළ කර තිබුණා.

එහිදී ඉරාජ් පවසා සිටියේ තමන් ඒ සිදුවීම සම්බන්ධයෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සමඟ කතා කළ බවයි. එහිදී ඉරාජ් ස්වාමින් වහන්සේට පවසා ඇත්තේ “විපක්ෂයට එහෙම එගොල්ලොන්ට ආණ්ඩු බලය තියෙද්දී එගොල්ලෝ අපිට කරපු සමහර දේවල් නිසා අපි විවිධ ගීත හැදුවා..එගොල්ලෝ කරපු වැඩ ගැන විවේචනය කළා.. ඒ කරපු හැම දෙයකම මගේ නම සහ මුහුණ දාලා කරේ..හැංගි හොරා නැහැ.. ඒක නිසා ඔය වෙබ් සයිට් ගැන මාව අල්ලගන්න එපා.. ඒවා මම නෙමෙයි කළේ.. පුළුවන් නම් ඔප්පු කරන්න..” යනුවෙනි.

තමන්ගේ එවැනි දෙකයි පනහේ වැඩ නොකරන බවට ඉරාජ් විසින් සඳහන් කළ අතර මෙය කළේ කවුරුන්ද යැයි සොයා බලන ලෙසද පවසා සිටියා. 

අද (15) දිනයේ උදෑසන සිටම තමන්ට ස්වාමින්වහන්සේලා කතා කරන බවත් මෙයට සම්බන්ධ දැයි අසන බවත් ඉරාජ් පවසා සිටි අතර ඔහු පවසා සිටියේ තමන් එවැනි කිසිම දෙයක සම්බන්ධ නැති බවයි.

එහිදී ඉරාජ් විසින් අභියෝගයක් කරමින් පවසා සිටියේ “මම කියලා ඔප්පු කළොත් වෙබ් සයිට් එක සහ නම් ටික දාලා කරේ මම ඒ පන්සලට පූජා කරනවා වගකීමෙන් කියන්නේ ලක්ෂ 5000ක් පූජා කරනවා අද..”

සැබැඳි පුවත - දැරියව මිලට ගත් අයගේ ලැයිස්තුවේ හැදුවේ ගවුම් ඇඳන් නටන කෙනෙක්!

ඉරාජ පළ කළ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 July 2021 19:29