May 17, 2024

වාහන හිමියන්ට රජයෙන් දැනුම්දීමක්! අලුත් හදුන්වාදීමක් ලඟදීම

වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමය ළඟදීම හඳුන්වාදීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

කුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ දත්ත පද්ධති පවතින අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර මාර්ග අවහිර කරමින් සිදුකරන යාචක ව්‍යාපාරය නතර කිරීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)