May 19, 2024

ගලෙන් මතු වුණු රාවණා රුව ගැන පුරාවිද්‍යා පර්යේෂකයෝ කියන කතාව

බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති රාවණා රජු දඬුමොණර යාත්‍රාව නවත්වා තබන ලද බවට ජනප්‍රවාදවල සඳහන්ව තිබෙන රාවණා ඇල්ල කඩා හැලෙන පර්වතයේ මතුව ඇති රාවණා රජුගේ රුව යැයි පවසන රූපයක් නිසා සාමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වෙලා.

ප්‍රදේශවාසීන් සහ රාවණා ඇල්ල අසළ වෙළෙඳාම් කරන පිරිස් පවසා සිටියේ පර්වතයේ කොටසක් කඩා වැටීමෙන් පසුව මෙම රුව මතු වූ බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින අතර මෙරට පුරා විද්‍යා පර්යේෂකයන්ද මේ පිළිබඳව අදහස් පළ කර තිබුණා.

පුරාවිද්‍යා පර්යේෂකවරයෙකු මෙන්ම දේශකවරයෙකු ද වන චන්දිම බිබිලේ මහතා විසින් මෙම පර්වතයෙන් මතු වු රාවණා රුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙවන් කතාවක්,

“රාවණා රජතුමා කවුරුන්ද, කින්ද මන්ද කවුද කියන එක මේ ගලකින් මතු වූ සාධකයකින්වත්, පොළොවෙන් මතු වූ සාධකයකින්වත් ඔප්පු කරගන්න අමාරුයි. ගලකින් මතු වුණා අර මතු වුණා කියන දේ පස්සෙන් අපි ගියොත් එහෙම ඒක අගෞරවයක් සහ කැළලක් එතුමාට කරන්නේ…”

ඉතිහාසය යනු තාර්කිකත්වයට මුල්තැන දී ඇති දෙයක් බවත්, පුරා විද්‍යාව යනු තර්කයට මුල්තැන දෙන දෙයක් බවද පැවසූ චන්දිම මහතා පවසා සිටියේ “ඒ දේවල් ඇතුළේ අපි රැඳුනොත් සැබෑ රාවණා රජතුමා කවුද කියන දේ අපිට ඔප්පු කරගන්න පුළුවන්..එහෙම නැතුව එතුමාගේ පිළිරුව මතු වුණා.. ගලෙන් මේ දේ මතු වුණා, ඒවා මතු වුණා කියනවට වඩා අපි බුද්ධිමත්ව තීරණයක් ගත්තොත් සැබෑ ඉතිහාස කතාව අපිට ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියන එකයි මගේ මතය” ලෙසිනි.

සැබැඳි පුවත -

සියලු දෙනා මවිත කරමින් රාවණා ඇල්ලෙන් රාවණා රුව මතුවේ! (VIDEO)

Rate this item
(0 votes)