May 18, 2024

ජලාශ පිටාර මට්ටමට! කැළණි ගගේ ජල මට්ටමත් ඉහලට

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද (11) අලුයම 5.00 සිට අගල් දෙක බැගින් විවෘත කල බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට සහ ශ්‍රි පාද රක්ෂිත ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වීම නිසා වාන් දොරටු තුනක් විවෘත කල බවයි එම ඉංජිනේරුවන් කියා සිටියේ.

මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරිමත් සමග ඊට පහලින් පිහිටි කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති බවත්, ජලාශ තුනේම වාන් දොරටු විවෘත කර ඇති නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, සමනල යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බවයි එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Sunday, 11 July 2021 14:58