May 18, 2024

ප්‍රධාන මාර්ගයකට පස් කන්දක් කඩා වැටෙයි

මස්කෙලිය මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට (10) දින විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

නල්ලතන්නිය මොහිණි ඇල්ල අසල අලුතින් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කල ස්ථානයට ඉහලින් වු පස් කන්දක් මෙසේ කඩා වැටි ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින්ව දැනුවත් කර ඇති බවද නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් පැවසුවා.

Rate this item
(0 votes)