May 18, 2024

සමගි ජන බලවේගය ගොවීන් එක්ක පෙලපාලි යයි (PHOTOS)

රසායනික පොහොර ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් නුවරඑලිය ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ සාමාජිකයන් සහ නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් පිරිසක් අද (05) දින නුවරඑලිය නගරයේදි උද්ඝෝෂණයක් සිදු කරනු ලැබුවා.

ජාතික සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක දිනේෂ් ගිගනගේ මහතා විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.

රසායනික පෙහොර හිගය, ඉන්ධන මිල වැඩි කිරීම, ළමුන්ගේ අධ්‍යාපන අයිතිය ලබා දිම යන කරුණු මුලික කරගෙන මෙම උද්ඝෝෂණය සිදු කළා.

කළු කොඩි සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ජාතික සමගි ජන බලවේගයේ සාමාජිකයන් සහ නුවරඑලිය එලවළු ගොවීන් නුවරඑලිය නගර දක්වා පෙළපාලියකින් පැමිණ නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරත වුණා.

පසුගිය දින කිහිපය පුරාම බොහෝ ප්‍රදේශවල මෙවැනි උද්ඝෝෂණ දැක ගැනීමට පුළුවන් වුණා.

(හැටන් රංජිත් රාජපක්ෂ)                      

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 16:22