May 18, 2024

මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඩයගමින් හමුවෙයි (PHOTOS)

ඩයගම පොලිස් වසමට අයත් ඩයගම ග්ලාස්ගෝ වතු යායේ තෘණ භූමියක තිබී මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් ඊයේ (04) දින හමු වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා මහතා පවසනවා.

කොත්මලාඔයට ජලය ගලා බසිනා අග්‍රාඔය අසල එම වතු යායේ මිය ගිය කොටියෙකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මත මිය ගිය කදුකර කොටියාගේ සිරුර හමු වු බවත්, මිය ගිය කදුකර කොටියා අවු 04 පමණ වයසැති කොටි දේනුවක් බවක් රත්නසිරි පෙරේරා මහතා කියා සිටියා.

කොටියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මිය ගිය කොටියාගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරයා වෙත යොමු කරන බව රත්නසිරි පෙරේරා මහතා පවසනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 11:34