May 18, 2024

යාපනේ ආයුධ කල්ලිය කඩු විසිකර සැඟවෙයි

යාපනය තාවඩි තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල දමා ගොස් තිබූ තියුණු කඩු 04ක් ඊයේ (03) දින සොයා ගත් බවට චුන්නාකම් පොලීසිය පවසනවා.

තොට්ටවේලි ප්‍රදේශයේ වෙල්යායක් අසල පොහොර බෑගයක ඔතා දමා ගොස් තිබියදී ප්‍රදේශවාසියෙකු දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් අදාළ කඩු රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

අදාල කඩු පසුගියදා කොණ්ඩාවිල් සෙල්වපුරම්හි ස්ටුඩියෝවක සිටි පිරිස් වෙතට පහරදුන් කඩු බවට සැකපල වී ඇති අතර එම සොයා ගත් කඩුවල ඒ වන විටත් ලේ පැල්ලම්ද තිබූ බවට පොලීසිය පවසනවා.

කෙසේවෙතත් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විට අදාළ ආයුධ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් අදාළ කල්ලි විසින් මෙලෙස කඩු සඟවා සැඟව සිටීමට උත්සහ දරන බවද පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 July 2021 14:50