February 10, 2025

වෙල්ගමගේ නව පක්ෂයෙන් "විජය හඬ" යළි දේශපාලන කරළියට

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා "අපි ශ්‍රී ලංකා" නමින් නව පක්ෂයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡාවක් අද (3) රාත්‍රී 9ට ඒෂියන් මිරර් ඔස්සේ විකාශය වීමට නියමිතයි.

එහෙත් එම සාකච්ඡාවේදී වෙල්ගම මන්ත්‍රීවරයා නව පක්ෂය පිහිටුවීම සම්බන්ධයෙන් හෙළි නොකළ සුවිශේෂී කරුණක් හෙළිදරව් කර ගැනීමට ඒෂියන් මිරර් හට හැකි වුණා.

දේශපාලනයට ගෙන එන සුවිශේෂී චරිතය

ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන ආකාරයට වෙල්ගම මන්ත්‍රීවරයා නව පක්ෂයක් පිහිටුවන්නේ සුවිශේෂී චරිතයක් දේශපාලනයට ගෙන ඒමට බවයි වාර්තා වන්නේ.

ඒ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හා අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග මහතා බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

හිටපු ජනපතිනිය ප්‍රතික්ෂේප කිරීම

විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ඒම සම්බන්ධයෙන් මීට කලකට පෙර ප්‍රචාරයක් ගිය අතර හිටපු ජනපතිනිය එය බොරු ආරංචියක් ලෙස හුවා දක්වමින් ප්‍රතික්ෂේප කළා.

එහෙත් දැනගන්නට තිබෙන ආකාරයට දේශපාලනයට පැමිණීම සඳහා විමුක්ති කුමාරතුංග මහතා කැමැත්ත පළ කොට තිබෙනවා.

හිටපු ජනපතිනිය පුතා මුණ ගැසීම

මේ වන විට හිටපු ජනපතිනිය සිටින්නේත් විමුක්ති කුමාරතුංග මහතා සමඟ එංගලන්තයේ බවයි වාර්තා වන්නේ.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා නව පක්ෂයක් පිහිටුවීම පිළිබඳ අදහස සමාජගත කළේ ඉකුත් 29 දිනට යෙදී තිබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 76 වැනි ජන්ම දිනය යෙදී තිබූ දිනය වීමත් විශේෂත්වයක්.

ඒ නිමිත්තෙන් දරුවන් උදෙසා ආහාර වේලක් පිරිනැමීමේ අවස්ථාවටද වෙල්ගම මන්ත්‍රීවරයා සහභාගි වූ අතර නව පක්ෂය පිළිබඳ අදහස ඔහු මාධ්‍ය වෙත දැනුම් දුන්නේ ඉන් අනතුරුවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 July 2021 20:06

Related items

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449