May 19, 2024

මැර කල්ලිය අත වෙන් කළ පුද්ගලයාට සිදු කළ විශ්මිත සැත්කම

යාපනය කොණ්ඩාවිල් සෙල්වපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධ ගත් කල්ලියක් විසින් පහරදීමෙන් අතක් වෙන් වූ පුද්ගලයාගේ අත නැවත සාර්ථකව බද්ධ කිරීමට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඉලංචේලියන් පල්ලවන් මහතාගේ නායකත්වයෙන් ස්නායු ශල්‍ය වෛද්‍ය පොන්නම්බලම් අඩිතන් මහතා ඇතුලු නිර්වින්දන වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්ඩලයේද සහය ඇතිව පුරා පැය 06 ක කාලයක් ඇතුලත මෙම ශල්‍යකර්මය සාර්ථාකව සිදු කොට තිබෙනවා.

තුවාලකරු වෙන්වූ අතද සමගින් එම අවස්ථාවේදීම රෝහලට රැගෙන ඒම නිසාවෙන් මෙලෙස ශල්‍යකර්මය සිදුකොට අත නැවත බද්ධ කිරීමට හැකි වූ බවටත් මීට පෙරද ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඉලංචේලියන් පල්ලවන් මහතාගේ නයකත්වයෙන් මෙලෙස ශල්‍යකර්ම සාර්තකව සිදු කොට ඇති බවටද වාර්තා වෙනවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)