May 19, 2024

මේජර්ට නීතිය ක්‍රියාත්මක නොවූ නිසා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට සැරසෙයි

මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගියදා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් ලබන මස 02 වන දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අලි පැටවෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් තම නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා පසුගිය 25 වන දින මින්නේරිය රක්ෂිතය තුල සැගව සිටියදි රක්ෂිතය තුලින් වාහන වලින් පැමිණි මේජර් ජෙනරාල්වරයා ඇතුළු යුධ හමුදා භට පිරිස් අණ නොතකා ධාවනය කර පසුව පැමිණ හමුදා නිල ඇදුම සහ නිල තල අවභාවිතා කරමින් තම නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසියට පැමිණිල්ලක් සිදු කලද එම පැමිණිල්ලට මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුකොට ගෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹිමට තිරණය කල බවයි.

වනජිවි දෙපාර්තුමේන්තුවේ ඇතැම් උසස් නිලධාරිගේද සහයෝගය මත සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර යුධ හමුදා කදවුර වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මේ වන විට විවිධ අයුරින් බලපැම් එල්ල වි ඇති බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් පවසයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 June 2021 11:00