May 19, 2024

හිරුණිකා වෙනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් පෙරට - හිරුණිකාගේ ජීවිතය බරපතල අනතුරක : හේතුව කෙලින්ම කියයි

දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම නිසා ඉදිරියේදී ඇතිවිය හැකි ඛේදවාචකයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කරනවා.

දුමින්ද සිල්වා මහතා එළියට දැමීම සිදු වුණේ ජනපතිගේ අත්සනින්ද එසේත් නැතිනම් බන්ධනාගාර ඇමතිවරයාගේ ක්‍රියාදාමයකින්ය යන්න තමා හරියට දන්නෙ නැති බවට දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් යම් ඉඟියක්ද ෆොන්සේකා මහතා පල කරනවා.

මට වැදගත් හිරුනිකාගේ ජීවිතය

එහෙත් එය තමාට වැදගත් නොවන බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා මෙහිදී තමාට වැදගත් වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ජීවිතය රැකගැනීම ගැන පමණක් බවයි සඳහන් කරන්නේ.

දුමින්ද සිල්වා මහතා අතීතයේ වැඩ කළ හැටි බැලුවම , ඒ චරිතය ක්‍රියාත්මක වන හැටි බැලුවම හිරුණිකා හේමචන්ද්‍ර මහත්මියගේ ජීවිතයට විශාල අවදානමක් තිබෙන බව ෆොන්සේකා මහතා හෙළිදරව් කරනවා.

එනිසා හේමචන්ද්‍ර මහත්මියගේ ජීවිතය ගැන වගකීම ජනපතිවරයා විසින් ගත යුතු බව පෙන්වා දෙන දෙන ෆොන්සේකා මහතා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ආරක්ෂාව ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කරනවා. 

එලියට ආපු හැටි අනුමත කරන්න බැහැ

ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නොව ඇගේ මවගේ ආරක්ෂාවද ආණ්ඩුව බාරගත යුතු බව ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ හතර දෙනකු ඝාතනය කර අගවිනිසුරු ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පස්දෙනකු එල්ලුම්ගහට නියම කළ විත්තිකරු අවුරුදු 6කින් එළියට ඒමෙි ක්‍රමවේදය නිවැරදි බව අනුමත කිරීමට නොහැකි බව සඳහන් කරමින්.

මේ ක්‍රමවේදය අනුමත කරනවා නම් රටේ උසාවි , නීතිඥයින් අවශ්‍ය නොවන බව අවධාරණය කරන ෆොන්සේකා මහතා එසේ වනවානම් මේ රට මැරයින්ගේ පාරාදීසයක් වන බවයි පෙන්වා දෙන්නේ.

සජිත් පාර්ශවය වෙනුවෙන් විරෝධය දැක්වූ පළමුවැන්නා

ආණ්ඩුවේ බලය තියෙන ඕනෑම කෙනෙකුට මිනිස් ඝාතනයක් කර අවුරුදු පහකින් එළියට එන්න පුළුවන්නම් රට පාතාලයේ සහ මැරයින්ගේ පාරාදීසයක් වන බවයි සමගි ජන බලවේගයද සභාපතිවරයා වන ෆොන්සේකා මහතා අවධාරණය කරන්නේ.

ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ ජනතාවාදී විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වන අතර දුමින්ද සිල්වා මහතා ජනපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ශවයෙන් විවේචනාත්මක අදහසක් ඉදිරිපත් කළ ප්‍රථම මන්ත්‍රීවරයාද වනවා.

Rate this item
(6 votes)
Last modified on Tuesday, 29 June 2021 19:13