May 19, 2024

මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට එන අයට තහනමක්!

මැදපෙරදිග රටවල් 06ක සිට මෙරටට පැමිණීම අත්හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙම අත්හිටුවීම ජුලි මස 01 වැනිදා සිට ජුලි මස 13 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි එම අධිකාරිය තිරණය කර තිබෙන්නේ.

මෙලෙස තහනම් කළ රටවල් වන්නේ සෞදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමානයයි.

එම රටවල සිට පැමිණි කිසිදු මගියෙකු මෙම තහනම පවතින කාලසීමාව තුළ මෙරටට ගෙන නොඑන ලෙසද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සියලු ගුවන් සේවා ආයතනයන් වෙතට දන්වා ඇති බවද වාර්තා වෙනවා.

නමුත් අතරමැදි ගුවන් ගමන් සේවා සඳහා මෙම තහනම බල නොපාන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සඳහන් කර තිබෙනවා.

මෙම තහනමට අමතරව ජුලි මස 31 වැනිදා සිට ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ සිට පැමිණෙන ගුවන් මගීන් හටද ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කිරීමේ තීන්දුවක් ඊයේ (28) දිනයේ දී ගනු ලැබුවා.

Rate this item
(0 votes)