May 19, 2024

රන්ජන් රෝහල්ගත කරයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ ආබාධයක් හට ගැනීම නිසා ප්‍රතිකාර කිරීම සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කරනවා.

මිට පෙරද රන්ජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට රැගෙන විත් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරනු කරනු ලැබුවා.

ඒ හේතුවෙන් ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 June 2021 19:39