April 27, 2024

අවදානමට ලක්වූ ජනතාවට අලුතින් නිවාස

ගම්පොල දොළුව, උඩපලාත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයන් හි නායයාමේ අවදානම් ස්ථානවල සිටින ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන සදහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව එලෙස අවදානමට ලක්ව සිටින පවුල් ගණන 146ක්.

ඔවුන්ව ආරක්ෂිත ස්ථානයන් කරා ගෙන ගොස් නිවාස සකස් කර දිම සදහා වන වැඩපිළිවෙළ මේවන විට ක්‍රියාත්මකයි.

ඒ වෙනුවෙන් හදුනාගනු ලැබු රාජමලේ ඉඩම් කොටසේ සිදුවන සංවර්ධන කටයුතු අද(20) රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා විසින් නිරික්ෂණය කර තිබෙනවා.

විධිමත් සැළසුමක් ඔස්සේ ජලය, විදුලිය, මාර්ග පද්ධතිය හා අනෙකුත් සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පුර්ණ ආදර්ශමත් නිවාස ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරිම හා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අවදානම් ස්ථානයන්හි පදිංචි සියලු පවුල් ආරක්ෂික ස්ථානයන් කරා ගෙනයාමේ ඉලක්කය සම්පූර්ණ වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 23:12