April 26, 2024

ලේකම් ධූරයෙන් ඉවත් වූ අනූෂට තව තනතුරක්

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතාට ආණ්ඩුවේ තවත් තනතුරක් ලබා දීමට සූදානම් බව වාර්තා වනවා.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා පසුගියදා එම තනතුරින් ඉල්ලා අස්වුණා.

ඒ අනුව අනූෂ පැල්පිට මහතාට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔහු සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.

සංවර්ධන ලොතරුයි මණ්ඩලයෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මුදල් ප්‍රමාණය බරපතල ලෙස අඩුව ඇති බැවින් කෙටි කාලයකට හෝ එම තනතුර බාරගෙන එම ආයතනය යලි ආදායම් තත්වය ඉහල නංවා දෙන ලෙස ජනාධිපතිවරයා ද අනුෂ පැල්පිට ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන පැල්පිට මහතා රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළා.

Rate this item
(0 votes)