May 08, 2024

කිලිනොච්චියේ ආරවුලක් දුරදිග යාමෙන් නිවසකට ගිනි තියයි - අයෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ධර්මපුරම් ප්‍රදේශයේදී සිදුවූ ආරවුලක් දුරදිගයාමෙන් නිවසකට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට ඊයේ (19) දින අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසනවා.

ධර්මපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර පසුව පසුව එය පහරදීගැනීමක් දක්වාද දුරදිග ගිය බවට ප්‍රදේශවාසීන් පවසනවා.

අනතුරව එක් අයෙකු විසින් අනෙක්පුද්ගලායාගේ නිවසට ගින තබා පලාගොස් ඇති අතර ගිනිතැබීමෙන් නිවස සම්පූරණයෙන්ම විනාශ වී තිබෙනවා.

අදාල ගිලිතැබීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ධර්මපුරම් පොලීසය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)