April 27, 2024

ගාලු වරායෙන් ලංකාවට ආ යුක්රේන් ජාතිකයන්ට කොරෝනා

ගාල්ල වරායෙන් මෙරටට ගොඩ බසිනු ලැබු මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසනවා.

මින් එක් මුහුදු ආරක්ෂකයෙකු යුක්රේන ජාතිකයකු වන අතර අනික් පුද්ගලයා ශ්‍රි ලාංකිකයෙක්.

වෛරසය ආසාදනය වු යුක්රේන් ජාතිකයා හික්කඩුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත වෛද්‍ය ප්‍රථිකාර සදහා යොමු කර තිබෙනවා.

ශ්‍රි ලාංකික මුහුදු ආරක්ෂකයා බුස්ස කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කොට තිබෙනවා.

මෙකි මුහුදු ආරක්ෂකයින් නෞකාවේ සිට ගාලු වරයා වෙත රැගෙන ඒම සදහා සේවාව ලබාදුන් යාත්‍රාවල සේවකයින්ද නිරෝධායනය සදහා යොමු කොට තිබේ.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)