May 16, 2024

රොටි පිටිවලත් මිල ඉහළට

ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පිටි වර්ග වලින් රොටි පිටි වල මිල රු.4 කින් ඊයේ (01) දින සිට ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරුන් කියා සිටියි.

ආපනශාලාවල රොටි පිටි වලින් ආහාර රැසක් පිලියෙල කරන අතර පාරිභෝගිකයන්ද විශාල වශයෙන් රොටි පිටි මිල දි ගනු ලබයි.

රොටි පිටි වලින් ආපනශාලා හිමියන් කොත්තු රොටි, පොල් රොටි, අල රොටි, බිත්තර රොටි, පිට්ටු, ඉදි ආප්ප සහ පරාටා වැනි ආහාර ද්‍රව්‍ය පිලියෙල කරනු ලබයි.

රොටි පිටි කිලෝ 50 ක මිටියක් මිට ප්‍රථම රු.2150 අලෙවි කල අතර, නව මිල අනුව රු.2350 කට රොටි පිටි කිලෝ 50ක් සහිත මිටියක් අලෙවි කිරිමට සිදු වන බව ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේය.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

 

 

Rate this item
(0 votes)