June 01, 2024

"එයාගෙන් බෝවුණ මට වැටෙන්නම වැදුණා" - කොවිඩ් අත්දැකීම් ගැන භාතිය පළමු වරට හෙළි කරයි

තමන්ට කොවිඩ් වැළදුණ බව දැනගත් පසු තමන්ට හිතට බයක් දැණුනු බව කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා පැමිණි ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි පවසයි.

කොවිඩ් වැළදී පළමු වරට තමන් මුහුණ දුන් අත්දැකීම සම්බන්ධයෙන් යුටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී භාතිය ජයකොඩි ප්‍රකාශ කර තිබුණේ තමන් සහභාගිවූ රැස්වීමකට එක්ව සිටි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු PCR පරීක්ෂණ 02කට පෙනී සිටිය බවත් එහි ප්‍රථිපල අනුව තමන් කොවිඩ් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වූ බවයි.

කෙසේ වුවත් දින කිහිපයකට පසුව තමන්ට ඇතිවූ සුළු අසනීප තත්ත්වය සමග තමන්ට කොවිඩ් ආසාදනය වූ බව දැනගත් බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කරන්නේ තමන්ට යම් අතපසුවීමක් සිදුවූ බවයි. ඒ තමන්ට කොවිඩ් එන්නත්කරණය කර ගැනීමට නොහැකි වූ බවත් නමුත් පවුලේ සමාජිකයින්ට එන්නත ලබා දී තිබූ බවත් භාතිය ජයකොඩි කියා සිටියේය.

තමන් සහභාගිවූ රැස්වීමකට එක්ව සිටි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය අසාදනය වී තිබූ බවත් නමුත් ඔහුට දින කිහිපයකට පසු සුවවී තිබූ බවත් පෙන්වා දෙන භාතිය ජයකොඩි ඔහුගෙන් බෝවුණ තමන්ට කණට ගැහුවා වගේ වැටෙන්නම හැදුණ බවත් කියා සිටියේය.

බිරිඳටත් කොවිඩ් වැළදී තිබූ බවත් නමුත් තමන්ට තරම් අසනීප තත්වය අමාරු නොවූ බවත් ඔහු කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 01 June 2021 22:17