May 09, 2024

නගරාධිපතිගේ උපන්දින පාටියට ඉඩදුන් පොලිස් ලොක්කාට මාරුවක්

කුරුණෑගල පොලිස් ස්ථානය තුළදී කුරුණෑගල නගරාධිපතිවරයාට නිරෝධායන රීති උල්ලංඝනය කරමින් සිය උපන්දිනය සැමරීමට ඉඩදීම සම්බන්ධයෙන් කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයාව වහාම ස්ථාන මාරුකර තිබේ.

ස්ථාන මාරුවට අදාළ තීරණය පොලිස් මූලස්ථානය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොවිඩ් -19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය විසින් සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.

එම පිරිත් දේශනය ශ්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා ඊයේ (30) පස්වරුවේ සහභාගි වු අතර එහිදි ඊයේ දිනට යෙදි තිබු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ උපන්දිනය සැමරීමද සිදුකෙරුණි.

එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුකර තිබූ අතර එය සංවිධානය කර තිබුණේ පොලීසිය විසිනි.

Rate this item
(0 votes)