May 19, 2024

පොලිසියේ ලොකු පුටු පෙරළියක්! නියෝගය ඇමති සරත්ගෙන්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික  රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230කටද සුදුස්සන් නුදුරේදීම පත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය දැනටමත් ලැබී  ඇතැයි ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහා එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. 

මෙම නිලධාරී හිඟය පොලීසියේ රාජකාරි කටයුතුවලට ලොකු බාධාවක්වී ඇති හෙයින් තමා මේ ප්‍රශ්නය ආරක්ෂක මණ්ඩලයේ දී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ යැයිද ඔහු පැවසුවේය.

පොලීසියේ පවතින අසහනකාරී තත්වයන් මෙම පත් කිරීම් සමග දුරු වනු ඇතැයි ද සරත් වීරසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)