May 08, 2024

මාස්ක් නොදාපු නෝනා ඉදිරියේ නැවුණු නිරෝධායන නීතිය - පොලීසියටත් තැන්ක් යූ කියා යයි (VIDEO)

ශ්‍රී ලංකාව තුළ නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක මුහුණු ආවරණ නොපළඳින පිරිස් පසුගිය සමය පුරාවටම අත්අඩංගුවට ගැනීම් මෙන්ම උස්සාගෙන යෑම් පිළිබඳව මාධ්‍යයට වාර්තා විය.

මෙයට ආසන්න සිදුවීමක් ලෙස ඊයේ (26) දිනයේ දී සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ අළුත්ගම දර්ගා නගරයේ සුපිරි වෙළෙඳසැලකට විල්බැරෝවක් රැගෙන බඩු ගැනීමට පැමිණි පුද්ගලයෙකුද මුහුණු ආවරණ නොපැළැඳ සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත්විය.ො

නමුත් අද (27) දිනයේ පොලිස් නිලධාරියෙකු විසින් කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරන වාහනයක් නවත්වන අතර එහි රිය පැදවූ කාන්තාව විසින් මුහුණු ආවරණය නොපැළැඳ සිටි අතර පොලිස් නිලධාරියා ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමකින් තොරව ඇයගේ හැඳුනුම්පත් හා අනිකුත් විස්තර විමසීම පමණක් සිදු කරන ආකාරය දැකගත හැකිවිය. එමෙන්ම ඇය එම නිලධාරියාට ලියුමක් පෙන්වන අතර පසුව ඇයට යෑමට පොලිස් නිලධාරියා ඉඩ ලබාදුන්නේය.

එම පොලිස් නිලධාරියාම තවත් ලොරි රථයක් නවත්වන අතර එහි සිටි තරුණයන් මුව ආවරණ පැළැඳ සිටියත්, ඔවුන් ලියුමක් ඉදිරිපත් කළ එයත් එම නිලධාරියා ප්‍රතික්ෂේප කළ අතර ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේය‍.

මුහුණු ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් සඳහන් කර තිබුණේ පොලිස් නිලධාරියෙකු විසින් වාහනය නවත්වනවා නම් එම නිලධාරියා සමඟ කතා කිරීමට පෙර අනිවාර්යෙන්ම මුහුණු ආවරණයක් පැළැඳ සිටිය යුතු බවයි. නමුත් මෙම සිදුවීමට සම්බන්ධ කාන්තාව එලෙස මුව ආවරණයක් නොපැළැඳ සිටියාය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. එම සිදුවීමේ වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(7 votes)
Last modified on Thursday, 27 May 2021 21:02