May 18, 2024

වාහනවලින් ගමන් බෑ - හෙට සංචරණ සීමා ලිහිල් වෙන්නේ මෙහෙමයි

හෙට දිනයේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සිදු කළද නිවසින් පිටව යා හැක්කේ එක් අයෙකුට පමණක් බවත් එය ලඟම ඇති වෙළෙඳසැලට ගොස් තමන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පමණක් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මේ අතර දැනට ක්‍රියාත්මකව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.

ජනතාවට ආසන්නතම වෙළෙඳ සැල වෙත යාමට මැයි 25,31 සහ ජුනි 04 දිනවල සංචරණ සීමා ලිහිල් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීමට. වාහන පාවිච්චි කරන්න බෑ" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

හෙට 28 අලුයම 4.00 සිට පස්වරු 11.00 තෙක් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සංචරණ සීමා ලිහිල් කිරීමට කටයුතු යොදා ඇත.

නැවත හෙට රාත්‍රී 11.00 සංචරණ සිමා පනවන අතර එය 31 වැනි දා අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචණ සීම නැවත ලිහිල් කරන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදේ.


  

Rate this item
(0 votes)
Last modified on Monday, 24 May 2021 15:50