May 18, 2024

ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් - පිටියේ මැජික් කරු ඩි විලියාස් තීරණයක් ගනි

ලොව මෙතෙක් බිහි කළ අතිවිශිෂ්ටතම පිතිකරුවකු වන ඒ.බී. ඩි විලියාස් ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත 20 - 20 ලෝක කුසලානය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට යලි ඇතුළත් කරගැනීමට පැවැති වැඩපිළිවෙල අසාර්ථක වී තිබේ.

ඒ ක්‍රිකට් දකුණු අප්‍රිකා සහ ඩි විලියාස් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.

මේ නිසා තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක බව ඩි විලියාස් පවසයි.

තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට  ගත් තීරණය යළි වෙනස් කොට එළඹෙන 20 - 20 ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට  ඩි විලියාස් සිය කැමැත්ත පළකොට තිබිණි.

ඒ ඔහුත් සමග සමකාලීනව ක්‍රීඩාකළ ඉතා කිට්ටුතම මිත්‍රයන් දෙදෙනකු එන දකුණු අප්‍රිකා ක්‍රිකට්හි ප්‍රධාන විධායක ග්‍රීම් සුමිත් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වත්මන් පුහුණුකරු මාක් බවුචර් කළ ඉල්ලීමකට අනුවය.

ඩි විලියාස් සමග සිය ක්‍රිකට් සංගමය කළ සාකච්ඡා අවසන් බව දකුණු අප්‍රිකා ක්‍රිකට් මේ වන විට ප්‍රකාශ කොට තිබෙන මුත් එළැඹි එකඟතාවය මෙතෙක් ප්‍රකාශයට පත් කොට නොමැත.

ඩි විලියාස් අවසාන වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන ලද්දේ 2018 අප්‍රේල් 3 වැනිදා අවසන් වූ අකුණු අප්‍රිකානු සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයටය.

ඉන් පසු ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කළේ 34 වියට එළඹීමත් සමගය.

ඉන්පසු ඩි විලියාස් ලෝකය පුරා විවිධ රටවල 20 - 20 ක්‍රීඩා සමාජ තරග වලට වර්ෂය පුරා සහභාගී  වි විශිෂ්ට දස්කම් දැක්වූයේ ක්‍රීඩාලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැදය.

ඩි විලියාස් පුරා වසර 14 ක් දකුණු අප්‍රිකානු පිල නියෝජනය කළ අතර ටෙස්ට් , එක්දින හා 20 - 20 තරගවලදී ලකුණු 20014 රැස් කොට ගෙන තිබේ.

මේ වන විට  37 වැනි වියේ පසු වන ඩි විලියාස් ක්‍රිකට් පිටියේ මැජික් කරුවෙකු ලෙස හැදින්වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 09:16