May 18, 2024

රෝහලේ සායනවලට ගිය රෝගීන් ආපසු හරවා යවයි (PHOTOS)

දික්ඔය මුලික රෝහලේ අද (18) දින පැවති සායන කටයුතු සදහා හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයෙන් පැමිණි රෝගින් සියල්ල ආපසු හරවා යැවිමට දික්ඔය මුලික රෝහලේ කාර්ය මණ්ඩලය කටයුතු කිරිම නිසා එම රෝගින් දැඩි අසිරුතාවයට පත් වි සිටියහ.

දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් තමන් වෙත ලබා දෙන දිනය අනුව අද (18) දින සායන කටයුතු සදහා පැමිණි බවත්, එසේ පැමිණිමෙන් පසු හුදකලා කර ඇති ප්‍රදේශවල රෝගින්ට ප්‍රතිකාර ලබා නොදෙන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය තමන් වෙත දැනුම් දුන් බව එම රෝගින් කියා සිටින්නේය.

පොලිසියේද අවසර ඇතිව කුලි රථ මගින් අලුයම 4 ට දික්ඔය මුලික රෝහලේ සායන කටයුතු සදහා පැමිණි බවත්, මාස දෙකකට වතාවක් සායන කටයුතු වලට සහභාගි විමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ලබා දෙන උපදෙස් සහ ඖෂධ තමන් භාවිතා කරන බව එම රෝගින් කියා සිටින්නේය.

අද (18) දින වන විට තමන්ට දික්ඔය මුලික රෝහලෙන් ලබා දුන් ඖෂධ අවසන් වි ඇති බවත්, තවත් සති දෙකකින් සායන කටයුතු වලට පැමිණෙන ලෙස දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් තමන්ට රෝහලට පැමිණිමෙන් පසු දැනුම් දුන් බවත්, හුදකලා කර ඇති බගවන්තලාව ප්‍රදේශයෙන් සායන කටයුතු සදහා පැමිණෙන රෝගින්ට ඖෂධ නිවසටම ලබාදිමේ වැඩපිලිවෙලක් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කල යුතු බව එම රෝගින් කියා සිටින්නේය.

මේ සම්බන්ධයෙන් අප එම රෝහලේ අධ්‍යක්ෂක ධම්මික අලහප්පෙරුම මහතාගෙන් දුරකථනයෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ හුදකලා කර ඇති ප්‍රදේශයේ රෝගින්ට රෝහලට පැමිණියේ කෙසේද යන්න තමන්ට ගැටළුවක් බවය.

එසේ සායන කටයුතු සදහා පැමිණි රෝගින්ට ප්‍රතිකාර ලබා නොදිම සම්බන්ධයෙන් තමන් සොයා බැලිමක් සිදුකරන බවද දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසිය.

(හැටන් රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(0 votes)