May 14, 2024

විමල්ගේ හිටපු මන්ත්‍රී ඩිමෝ බට්ටට වැටුණු හැටි

හිටප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වී වසරක් ඉක්ම යද්දී ඩිමෝ බට්ටා ලොරියකට වැටුණු සිද්ධියක් පිළිබඳ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

පවතින නිරෝධායන නීති රීති කඩ කිරීමක් සම්බන්ධයෙන් පොලිසියත් සමග ඇති වූ බහින් බස් වීමකදී තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න බව පොලිසිය හමුවේ මන්ත්‍රීවරයා අනාවරණය කරන ලදී.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම සිදුවීම වන අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඩිමෝ බට්ටා ලොරියේ ඉදිරිපස අසුනේ සිටීමය.

කලක් රූපවාහිනියෙ නිවේදකයකු ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කොට ඉතා ඉහළින්ම ජයග්‍රහණය කරන ලද අතර ඉන් පසුව දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ ජනප්‍රිය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ලදී.

2015 මහ මැතිවරණයට නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉදිරිපත් වූයේ විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි.

එහෙත් පසුගිය වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරග කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් පරාජයට පත්විය.

පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයට මැතිවරණ කොමිසම විසින් වැඩිපුර එක් ආසනයක් ලබා දී තිබුණු අතර පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර හයක් හිමිවිය.

එහෙත් එම 6 දෙනා අතරට නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ඇතුළත් වීමට නොහැකි වීම බොහෝ දෙනකුගේ පුදුමයටද ලක් වූ කරුණකි.

මෙම පරාජයෙන් පසු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමන් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ සිටි ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙවර පරාජය වී ඇති බවත් ඒ දෙදෙනාම රැක බලා ගැනීම තමන්ගේ වගකීමක් බවත්ය.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එසේ හැඳින්වූ හැඳින් වූ මන්ත්‍රීවරුන් දෙදෙනාම ජාතික නිදහස් පෙරමුණට අයත් වීමද කැපී පෙනෙන්නක් වන අතර ඉන් එක් අයෙක් වන්නේ නිරෝෂන් ප්‍රේමරත්න මහතාය.අනෙක් හිටපු මන්ත්‍රීවරයා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කළ පද්ම උදයශාන්ත මහතාය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 May 2021 23:32