May 16, 2024

"පිළියන්දල විතරක් නෙවෙයි රටම වහන්න ඕනේ" - වෛද්‍ය දයාන් ජයතිලක (VIDEO)

ආසාදිතයන් තරමක් පහළ ගිය ද පිලියන්දල ඇත්තේ බරපතළ අවදානමක බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය මත පිලියන්දල පමණක් නොව රටම වසා දැමිය යුතු බවද පවසන ඔහු එසේ නොකළහොත් මේ ප්‍රශ්නයෙන් ගැලවීමක් නැතැයිද කියා සිටී.

අවුරුද්දෙන් පසු මිනිසුන්ට දුන් ලිහිල්භාවය නිසා අවුරුදු සමයෙන් පසු මෙය කොවිඩ් පැතිර ගිය බවද ඒ මහතා පවසයි.

රෝගින් කොපමණ සිටිනවාද යන්න කිව නොහැකි බවත් පී.සී.ආර් පරීක්ෂණ කළහොත් පමණක් රෝගීන් හඳුනා ගත හැකි බවද ඒ මහතා පවසයි.

බොහොමයක් දෙනා රෝග ලක්ෂණ නොපෙන්වන බවත් සීමිත පිරිසක් පමණක් රෝග ලක්ෂණ පෙන්වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අන්තර්ජාල සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 May 2021 16:09