April 26, 2024

දූෂිතයින්ගේ ඇසිඩ් ප්‍රහාර හමුවේ නොසැලුණු ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වේ

කීර්තිමත්, අවංකව, එඩිතර රාජ්‍ය නිලධාරියෙකු වූ හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සිය රාජකාරිය අකුරටම ඉටු කිරීමට ගොස් දූෂිතයන්ගේ සාහසික ඇසිඩ් ප්‍රහාරයට ලක්ව බොහෝ කලක් රෝගාතුරව සිටී අඹන්වල මහතා මෙරට මහජනතාවගේ ඉමහත් ගෞරවයට ලක් වූවෙකි.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දූෂණයට එරෙහි සංකේතයක් බඳු අඹන්වල මහතා සියලු ජනයාගේ පොදු සම්පත් ආරක්ෂා කිරීමට නොබියව ඉදිරිපත් විය.

අඹන්වල මහතා  ඇසිඩ් ප්‍රහාරයට ලක් වූයේ 2002 වර්ෂයේ මහනුවරදී සිය රථයෙන් ගමන් කරමින් සිටියදීය.

අඹන්වල මහතාට එල්ලකළ ඇසිඩ් ප්‍රහාරය පිටුපස මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරියකු , මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පරිගණක සැපයූ මහනුවර ව්‍යාපාරිකයෙකු හා ගණකාධිකාරීවරයෙකු සිටි බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පරිගණක ගැනීමේදී සිදු වූ මහා පරිමාණ වංචාවක් අඹන්වල මහතා විසින් හෙළිදරව් කර ගැනීම මෙම ප්‍රහාරයට හේතු වූ බවද පරීක්ෂණවලදී හෙළිදරව් විය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඒ අතරින් 7 දෙනකු වැරදි කරුවන් ලෙස නම් කෙරුණු අතර ඔවුන්ට වසර 10 - 20 අතර කාලවකවානුවක සිර දඬුවම් නියම විය

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 19:28