April 27, 2024

මැයි 24 නීතිපතිට මොනව වෙයිද ? Featured

නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සේවා කාලය මැයි 24 වැනි දින අවසන් වීමට නියමිතය.

2019 මැයි 10 වන දින එවකට සිටි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දප්පුල ද ලිවේරා මහතා ශ්‍රී ලංකාවේ 46 වැනි නීතිපතිවරයා ලෙස පත් කරන ලදී.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහුට සේවා දිගුවක් නොලැබෙන බවය.

මේ නිසා දප්පුල ද ලිවේරා මහතාට කැනඩාවේ ශ්‍රී ලංකා මහ මහ කොමසාරිස් ධූරය ලබා දීමට කැමති බව ආණ්ඩුව ඔහුට දැනුම් දී තිබුණි.

තමාට මහකොමසාරිස් ධූරයක් අවශ්‍ය නැති බව තමා දිගටම නීතිපති ධූරයේ කටයුතු කිරීමට කැමැති බවදප්පුල ද ලිවේරා මහතා ඊට ප්‍රතිචාර ලෙස දක්වා තිබුණි.

දප්පුල ද ලිවේරා මහතා නීතීපති ධූරය දැරූ සමය තුළ වඩාත් කතාබහට ලක් වූ සිද්ධිය වූයේ වසර 136 ක නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියක් පත් කිරීමය.

ඒ සඳහා රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය දප්පුල ද ලිවේරා මහතා විසින් පත් කරන ලදී

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 May 2021 03:13