April 27, 2024

එළවළු වෙළෙන්ඳෙකුගේ ඔලුවට උරයකුත් දමා පැහැර ගනී - වටිනා කියන දෙයකුත් සොරකම් කරලා (CCTV)

පසුගිය 10 වැනිදා බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ දී එළුවළු වෙළෙඳාම් කරන පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් තිබේ.

රාත්‍රී 08ට පමණ මෙම සිදුවීම වී ඇති අතර අදාළ පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා යතුරු පැදියෙන් සිය නිවස වෙතට පැමිණෙමින් සිටින අවස්ථාවේ ත්‍රීරෝද රථයකින් ඔහුව හප්පාගෙන ගොස් තිබේ. පසුව ත්‍රිරෝද රථය ආපසු හරවාගෙන ඇවිත් හිසට උරයක් දමා බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට පටවාගෙන පැහැරගෙන ගොස් ඇත.

ඒ අනුව ඊයේ (11) දිනයේ දී මෙලෙස පැහැර ගත් පුද්ගලයාව ණ්ඩාරවෙල, අමුණුදෝව ප්‍රදේශයේ දී මහ මඟ දමා ගොස් තිබූ අතර සිහිසුන්ව සිටින එම පුද්ගලයාව පසුව දියතලාව රෝහල වෙත ඇතුළත් කර තිබුණි. ඔහුගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදුවී තිබූ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා සතුව තිබූ රන් ආභරණ සියල්ලද සොරකම් කර ඇති බවට ඔහුගේ බිරිඳ විසින් පරික්ෂණ සිදුකරන බණ්ඩාරවෙල පොලීසිය වෙත පවසා තිබේ.

බණ්ඩාරවෙල පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

පැහැරගත් අවස්ථාවේ CCTV දර්ශන පහතින්,

Rate this item
(0 votes)