May 09, 2024

හෙට රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා

හෙට (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.

කෙසේනමුත් මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 15:52