April 26, 2024

"ජනපතිට හරි තොරතුරු දීලා නැහැ" - වසංගත රෝග ප්‍රධානියාට වෛද්‍ය පාදෙණියගෙන් චෝදනාවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳව දත්ත සගවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා චෝදනා කරයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ජනාධිපතිවරයාට හෝ නිවැරදි දත්ත ලබා නොදෙන බවත් රට ලොක්ඩවුන් කරගැනීමට නොහැකි එනිසා බවත් චෝදනා කළහ.

වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් වසංගතයේ නිවැරදි දත්ත විෂය භාර අමාත්‍යවරයාට හෝ ලබා නොදෙන බවත් පැවසූ ඔවුන් මේ හරහා රට ඉතාම බරපතල අවදානමක ඇතැයිද කියා සිටියහ.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“අපිට දෙන්නේ නෑ කියමුකො. මම කිව්වනේ ඒ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙක් ඉන්නවා කියලා.අර දෙන්නා ඇරෙන්න අඩුම ගානේ එයාගේ ඒකකයේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ටවත් ඒ 8 දෙනාටවත් දෙන්නෑ නෑනේ. ඒ අයගෙන් අහන්නකෝ ඒ අයටවත් දෙනවද කියලා.මේ පැමිණිල්ල අපි දිගටම කරා”

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙම අදහස් පල කර සිටියේ හිරු නාලිකාවේ සාකච්ජාවකට එක්වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 12 May 2021 13:10