April 26, 2024

අධිවේගයටත් දැඩි සීමා! අධිවේගයේ මෙතනින් එහාට යන්න බෑ

පළාත් අතර සංච‍රණ සීමා පැනවීම සමඟ අධිවේගී මාර්ගයට වැලිපැන්නෙන් දකුණු පළාතට යාමත්, දකුණු පළාතෙන් ඒමත් දැඩි නීති යටතේ සිදු කරන බව වාර්තා වේ.

ඒ අනුව අත්‍යඅවශ්‍ය සේව හැර, කිසිදු පුද්ගලයකුට හෝ වාහනයකට පළාත් අතර සංචරණයට ඉඩ නොදෙන බව සඳහන් කරයි.

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව පළාත් තුළ පමණක් ප්‍රවාහන පසුකම් සිදු වන අතර අන්තර් පළාත් ප්‍රවාහනය ඊයේ මධ්‍යම රාත්‍රීයේ නතර කර තිබේ. මීට පෞද්ගලික හා ලංගම සියලු බස් රථ ඇතුලත් වේ.

දිනකට අන්තර් පළාත් අතර ප්‍රවාහන බස් රථ 3500 ධාවනය වන වේ.

කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී , යුද හමුදාපති ජනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ පළාත් අතර සංචරණ සීමා පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.

කොවිඩ් පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස තමා ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට උපදෙස් මාලාවක් දුන් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවේදී සංචරණ සීමා කඩ කිරීමට කිසිවකුටත් ඉඩ නොදෙන බවත් එම සීමා කඩකරන පුද්ගලයන්ට විරුද්ධව දැඩි ලෙස ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

Rate this item
(0 votes)