April 26, 2024

කොළඹ ජාතික රෝහලේ හෙදියන් 243 කට කොරෝනා

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන විට එම රෝගය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා ඇති බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පැවසුවාය.
 
කොරෝනා වෛරසය ආසාදනය වූ හෙදි නිලධාරිනියන් පිළිබඳ විස්තර දෛනිකව අලූත් වන අතර මෙම සංඛ්‍යා ලේඛන තවත් ඉහළ යා හැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
 
කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි හෙද නිලධාරීන් දහස් ගණනක් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර සිටින බවද පුෂ්පා රම්‍යානි මහත්මිය කියා සිටියාය.
 
කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරීහු 27 දෙනෙක් මේ වන විට කොරෝනා වෛරස ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටිති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 May 2021 11:02