May 20, 2024

කොරෝනා මැද රියදුරන්ට විශේෂ සහනයක්! RMV නිවේදනයක් නිකුත් කරයි

අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහනයක් ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම කාලය අතරතුර කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර දැමීමට ඊයේ පියවර ගැණිනි.

නැවත සියලු සේවාවන් ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Rate this item
(0 votes)